iranama
ජීවිතයට සැප සම්පත් ළඟාකරගන්නට
ලක්ෂ්මී දෙවඟන නමදිමු
කාන්තාවන්ට උරුම වූ ඇදහීමට ඉතා පහසු වූත්, සියලුම කරුණු කාරණාවලින් පරිපූර්ණත්වයට පත් එකම දෙවඟන ලක්ෂ්මී දෙවඟනයි. ඇය ලංකා ධරණී තලය ආරක්ෂා කරන සකල ශ්‍රී සෞභාග්‍යයට අධිපති වූ විෂ්ණු දෙවියන්ගේ ප්‍රියම්බිකාවයි. ශ්‍රියාව, ධනය, බලය, ආකර්ෂණය, ජයග්‍රහණය යනාදී සියලු දේ ලක්ෂ්මිය තුළ අඩංගු වේ. ලක්ෂ්මිය බැල්ම හෙලන තැනදී ධනධාන්‍ය, බව භෝග සම්පත්, සමෘද්ධිය, ශෝභාව, දැකුම්කලු බව, ආගිය තැන කැපී පෙනීම සහ තමාගේ වචනයම ඉදිරියට එන බව ඇති කරයි.
අෂ්ඨ ස්ථාන ගතේ රාහු - ලග්න කේJද්‍ර ගතේ ගුරෝ
අෂ්ට ලක්ෂ්මී සමායුක්තම් - මාධ්යවාන් කීර්තිමාන් නර
අෂ්ට ලක්ෂ්මී යෝගයෙහි සංකේතයක් වෙයි. එය මේ සමඟ පහළ වෙයි. මෙය අෂ්ඨකෝණය නමින් ද අටපට්ටම නමින්ද හඳුන්වනු ලබයි. මහනුවර ශ්‍රී දළදා මන්දිරයේ පත්තිරිප්පුව නිර්මාණය කොට ඇත්තේ ද මේ අයුරිනි. සෙන්කඩගල වාස්තු විද්‍යාඥයා ඇතැම් විට මේගැන දැන සිටින්නට ඇතැයි සිතිය හැක.
අපරදිග ජ්‍යෙdති ශාස්ත්‍රඥයන්ට නම් මෙම ආකෘතිය අශුභ එකකි. ඊට හේතුව අංශක 45 කෝණය යෙදී තිබීමයි. සිංහලයේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහට ද මෙම විසත් කෝණය බලපාන්නට ඇතැයි සිතිය හැක. එම රජතුමා විසින්ම මෙම පත්තිරිප්පුව ගොඩනඟන ලද බව කියෑවේ. අපරදිගුවන් මෙය ලක්ෂ්මී තාරකාව නමින් හඳුන්වනු ලබති. එයත් පෙරදිග හින්දු සාහිත්‍යය අනුව හා ජ්‍යෙdතිෂය අනුව නම් මෙම සංකේත අෂ්ඨ ස්වරූපයක් ගන්නා සෞභාග්‍යයේ සංකේතයයි.
සංස්කෘත භාෂාවෙහි ඓශ්චර්යා යන වචනය යොදනු ලබනුයේ සෞභාග්‍යය යන්න අර්ථවත් කිරීමටය. එහෙත් හින්දු දර්ශනවාදීහු මෙහි ගුප්ත අර්ථයක් පවතින බව කියති. ඔවුහු ඊශ්වරශ්ය භාවඃ චුති ඓශ්වරායඃ යනුවෙන් දක්වමින් ඓශ්චර්යා යනු සෞභාග්‍යයම පමණක් නොව ප්‍රීති ප්‍රමෝදය බවත් එය දිව්‍යමය සැපතක් බවත් ප්‍රකාශ කරති. දකුණු ඉන්දියානු ප්‍රකට නිළියකගේ නම ද ඓශ්වර්යා රායි නම් වේ. ඇය ලොව රූ රැජනක් ද වූවාය.
හින්දු බැතිමතුන්ගේ මතය වන්නේ අෂ්ට ලක්ෂ්මි ස්තෝaත්ර ගායනා කිරීමෙන් මතු කියෑවෙන අෂ්ට සෞභාග්‍යය උදාකර ගත හැකි බවයි. ලක්ෂ්මී දෙවඟන අට ආකාරයකින් පෙනී සිටින බව හින්දු භක්තිකයෝ පවසති. පැරැණි උපනිෂද් ග්‍රන්ථවල මෙම විස්තර අඩංගු වෙනවාලු.
අෂ්ට ලක්ෂ්මී පහත දැක්වෙන ආකාරයෙන් විස්තර වෙයි.
1. විද්‍යා ලක්ෂ්මි යනු ප්රඥාවයි.
2. ධන ලක්ෂ්මී යනු ධනය හෙවත් මුදල් ය.
3. ධාන්‍ය ලක්ෂ්මී යනු කෘෂිකර්මයෙන් උපයාගත් බෝගයි.
4. ධෛරයය ලක්ෂ්මී යනු කෙනෙකුගේ උත්සාහයයි. නොපසුබස්නා වීර්යයි.
5. විජය ලක්ෂ්මී යනු ජයග්‍රහණයයි
6. අධි ලක්ෂ්මී යනු සෞභාග්‍යයේ මූල්‍යමය ස්වභාවයයි. එය දෙවියන් විසින් ම ප්රදානය කරන්නක් බව කියෑවේ.
7. ගජ ලක්ෂ්මී යනු රාජකීය බලයයි. රජවරුන් සහ ඔවුන්ගේ සමානුපාතිකයන් ය.
8. සන්තාන ලක්ෂ්මී යනු අවසාන ලක්ෂ්මී ස්වරූපය වන අතර එය ගර්භණී හෙවත් දාරක ලාභයයි.
ධන ලක්ෂ්මී
ධනය හෙවත් මිල මුදල්, ව්‍යාපාර දියුණුව, රන් රිදී මුතු මැණික් ආදී පොළොවෙන් ලැබෙන වස්තුව ලබා දෙන්නේ ඇයයි. දුගීබව මුළුමනින්ම නැති කරන්නී ඇයයි.
වීර ලක්ෂ්මී නොහොත් ධෛර්ය ලක්ෂ්මී
උත්සාහය, ධෛර්යවන්ත භාවය, සියලුදේට ඉදිරිපත්වීම, භිය නැති බව, සබකෝලය නැති වීම ලබා දෙන්නේ මැයයි.
විද්‍යා ලක්ෂ්මී හෙවත් ආශ්චර්ය ලක්ෂ්මී
ප්‍රඥාව, අධ්‍යාපනයේ දියුණුව, විශ්වය පිළිබඳ අවබෝධය, බුද්ධිමත් භාවය සහ රූමත් බව දෙන්නී ඇයයි.
විජය ලක්ෂ්මී
කැපී පෙනීම, ප්‍රථම ස්ථානයට පත්වීම, පාරිශුද්ධත්වය, විජයග්‍රහණය, තරග විභාග සහ යුද ජය, ක්‍රීඩා ජයග්‍රහණ සහ නඩුහබ ජයග්‍රහණ ලබා දෙන්නී ඇයයි.
අධි ලක්ෂ්මී
රූප සම්පත්තිය, මංගල කටයුතු ඉෂ්ට කිරීම, නිරෝගී බව සහ රෝග නිවාරණ ශක්තිය ප්‍රීති ප්‍රමෝදය, දීර්ඝ ආයුෂ
සන්තාන ලක්ෂ්මී
ප්‍රසිද්ධ දූ දරුවන් ඇති කිරීම, දරුවන්ව ලෙඩ රෝගවලින් රැක ගැනීම, ධාරක ශක්තිය ඇති කිරීම සහ දරුවන්ගේ දියුණුව ඇති කිරීම වැනි දේ මැය අපට සලසා දේ.
ගජ ලක්ෂ්මී
රාජ්‍ය බලය, පළාත් බලය, රජයේ රැකී රක්ෂා, ඇත්, ගව මහීෂාදී ද යාන වාහන එහි ආරක්ෂාව ද මැය විසින් ඔබට ලබා දේ
ධාන්‍ය ලක්ෂ්මී
ධන ධාන්‍ය පලතුරු වැනි බව භෝග සම්පත්, කෘෂිකාර්මික සම්පත්, ගොවිතැන, ලාභ ලැබීමට, මුහුදෙන් ලැබෙන දේ සහ කෙසේ හෝ ආහාර අඩුවක් නැතිව ලැබීමට සලස්වන්නිය ඇයයි.
ඉතිරි කොටස ලබන සතියේ
ප්‍රවීණ ජ්යෙතිශ්යවේදිනී
චින්තා වික්‍රමසිංහ
----------------------------------------
ජ්‍යෙdතිෂය හොරු පැහැරගෙන
මේ හොරකම කලාවක් බවට පත්ව ඇති යුගයයි. ජීවත්වීමේ පහසුම මග හොරකම වීම එයට හේතුව විය හැකිය. ලැඡ්ජා - භය දෙක නැතිකමට නෑකම් කියන එකකි. ඒ නිසා හොරාට ලඡ්ජා බිය දෙකම නැත. පරණ පත පොතේ හිරි ඔතප් වශයෙන් සඳහන් මේ දෙකම පැරැන්නා ආභරණයක් සේ අගය කළේය.
අප රෙදි අඳින්නේ ලැඡ්ජා භය දෙක රැකගනු සඳහාය. 'සිවුපසය' ගැන සඳහන් කරන බුදුන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍යය ගැන සඳහන් කිරීමේදී ද පළමු තැන දුන්නේ චීවරයටය. චීවරය යනු රෙද්දයි.
හොරකමට ලැඡ්ජා භය දෙකම නැත. එය ව්‍යාප්ත වූ ජීවත්වීමේ උපායක් වූ විට උච්චාසනයක වැජඹුණත් හෙතෙම ලැඡ්ජා නැති කෙනෙකි. වැඩි දෙනෙකුම මේ සමාජයේ හොරුන් බව මුලින් සඳහන් කළෙමි. ඒ අනුව හොර දොස්තරලා, හොර ජ්‍යෙdතිෂවේදීහු, හොර දේශපාලනඥයෝ සහතික දරමින් උස් තැනක වැජඹෙන්නෝ බොහෝ වෙති.
මේ කතා කරන්න යන්නේ හොර ජ්‍යෙdතිෂඥයන් ගැනය. අනෙක් හොරෙකුට වඩා හොර ජ්‍යෙdතිෂ නාමය දරන්නාට පහසුවෙන් ඒ හොරකම කළ හැකිය. කපටි ජ්‍යෙdතිෂ සොරකු වෙත පැමිණෙන පුරුෂයා හෝ කාන්තාව හොඳට මුදල් ඇති සැප වාහනයක ගමන් කරන කෙනකු නම් ඔහුට මේ හොරකම පහසුය. පැමිණි යුවළට සිටින්නේ එකම දරුවා පමණක් නම් ජ්‍යෙdතිෂ හොරා ඒ දරුවාගේ හඳහන බලා මුහුණේ අභිනයෙන් බිය සලකුණු පෙන්වා මාරකයි.· මාරකය කියා මාස 6 ක් වැඩිම වෙතොත් ජීවත්වෙයි කියා අනතුරු අඟවයි.
එතනදී කම්පාවට පත් මවුපියෝ (සමහර විට හඬමින් වැළපෙමින්) මෙයට පිළියම් වශයෙන් කළ යුත්තේ කුමක්දැයි අසති. එතැනදි නළල රැළි ගන්වා මොහොතක් පමණ කල්පනාවේ යෙදී සිට, මේ අපලයට මහා මාතාංගේශ්වරී යන්ත්‍රය බැන්ද විය යුතු බව කියයි. එය මහා බලගතු යන්ත්‍රයක්. ඒ සඳහා රුපියල් ලක්ෂයක පමණ වියදම් කළ යුතු නමුත් තමාට එය රුපියල් අසූදහසකින්, පමණ කර දිය හැකි බවද කියයි.
දරුවා පිළිබඳ ආත්ම බියෙන් ඔත්පළ වූ මාපියෝ වැඩේ කරන්නට ඔහුට භාර දෙති.
ළමයාට එවැනි මාරකයක් වේදැයි නිගමනය කිරීමට ඕනෑම දක්ෂයකුට වැඩි වේලාවක් ගත වෙයි. ආචාර්යවරුන් වැඩි දෙනෙකුගේ මත පිරික්සා බලා පුද්ගලයකුට ඇත්තේ අල්පායුෂද, මධ්යායුෂද, දීර්ඝායුෂදැයි නිගමනය කළ යුතුය. ඒ මරණය පාශ දෙර්කාණයකින් නම් සිය දිවි නසා ගැනීමකින්ද, ආයුධ දෙර්කාණයකට නෑකම් කියයි නම් අනතුරකින් හෝ සැත්කමකින්ද ආදී වශයෙන් අවස්ථා ගණනාවක් වෙයි. හොර ජ්‍යෙdතිෂවේදියාට ඒ දැනුම නැත.
සමහරවිට දරුවාට ජන්ම ඒරා ෂ්ටකය වැනි අපලයක් වූයේ නම් එය දුටු සැණින් මරණය ගැන කථා කළ යුතු නැත. එයට හේතුව වැඩි දෙනෙකුට ඒරාෂ්ටකය ගැන ගැඹුරු අවබෝධයක් නැතිකමයි. ඒරාෂ්ටක වර්ග කීපයෙකි. ඒ මෙසේය.
1. අජ වාහන ඒරාෂ්ටකය
2. කාක වාහන ඒරාෂ්ටකය
3. තුරඟ වාහන ඒරාෂ්ටකය
4. හස්ති වාහන ඒරාෂ්ටකය
5. හංස වාහන ඒරාෂ්ටකය
6. මහීෂ වාහන ඒරාෂ්ටකය
7. වෘෂභ වාහන ඒරාෂ්ටකය
ආදී වශයෙනි. මේ ඒරාෂ්ටක 7 අතුරෙන් හස්ති, හංස, තුරඟ හා වෘෂභ යන ඒරාෂ්ටක හතර ශූභදායකය. අනෙක් තුන අශුභය. ඒ නිසා පළමුකොට ලබා ඇත්තේ කුමන ඒරාෂ්ටකයක් දැයි පළමුව හඳුනාගත යුතුය. පල - අපල නිගමනය කරන්නේ එයින් පසුවය. මෙම දශා වර්ග සොයන ක්‍රමයක් වේ. ඒ සියල්ල විස්තර කරන්න ගියොත් අපේ මාතෘකාව ගැන ලියන්නට අවස්ථාව නැති වෙයි. ඒ නිසා ඒ පිළිබඳ විස්තරයක් අපේ දෙවැනි ලිපියකින් ලියන්නට බලමි.
අපලය සඳහා මහා මාතංගය බඳින්නැයි පළමු ජ්‍යෙdතිෂකරුවා නියම කළ බවත් මේ ලිපියේ මුලින් සඳහන් විය. එය ලක්ෂවාරයක් ජීවම් කළ යුතුය. මාස හතරක - පහක කාලයක්වත් ගත කළ යුතුය. ඒත් අප සඳහන් කළ ජ්‍යෙdතිෂකරු සතියකින් ළමයාගේ බෙල්ලේ යන්ත්‍රය එල්ලයි. බොරුවක ප්‍රමාණය සිතා ගත හැකි නේද? මේ කූට ජ්‍යෙdතිෂයා ගැන වැඩි දෙනෙක් හඳුන්වති.
එබඳුම තවත් ජ්‍යෙdතිෂකරුවකුගේ උපාය මාර්ගයක් ගැන ඔබ දැනගත යුතුය. ඔහු වෙත හඳහන බලවා ගැනීමට කෙනෙකු පැමිණි විට හඳහන බලා මේ හඳහන වැරදි බව කියයි. නිවැරදි හඳහන බලා පලාපල කිවයුතු බවද දන්වයි. මේ වැරදි කේන්ද්‍රය නිසා මේ දරුවාට කිසිම විවාහයක් ගොඩනැඟෙන්නේ නැති බවද කියයි. අලුතින් කේන්ද්‍රය හැදීමට රුපියල් දෙදාහකුත්, හඳහන බැලීමට තවත් රුපියල්a තුන්දාහකුත් අයකරයි.
තවත් ජ්‍යෙdතිෂවේදියකුට කොම්පියුටරය නැතිව කේන්ද්‍රය සෑදිය නොහැකිය. බොහෝ විට කොම්පියුටරයේ ලග්නය නැකත වෙනස්වන අවස්ථා තිබේ. එවිට පලාපල වෙනස් වේ. ඔහු කුරුණෑගල පැත්තේ කෙනෙකි. 1971 අප්‍රි. 04 වැනිදා පෙ.ව. 3.15 ට උපන් කෙනෙකුගේ සඳු මිථුන රාශියේ විය. එහෙත් ජන්ම නැකත, බුදට අයත් යෑයි සඳහන් කර පලාපල විස්තරයක් ලියා ලොකු මුදලක් අයකර ඇත. සඳු මිථුනයේ වෙතොත් නැකත අද විය හැකිය. එවිට රාහුගෙන් ලද උපතකි. මේ ටිකවත් තේරුම් ගැනීමට බැරි ඔහු මේ රටේ දැවැන්තයන්ට ජනමාධ්‍යයෙන් අභියෝග කරයි.
ඔහු වැරැද්දූ කේන්ද්‍රය අපි නිවැරදි කර හදා දුන්නෙමු. ඔහු හැදූ කේන්ද්‍රය අවශ්‍ය වේලාවක ඉදිරිපත් කිරීමට අප ළඟ සුරක්ෂිතව තිබේ. මෙවැනි නිදසුන් කොපමණවත් ඉදිරිපත් කළ හැකිය. විශේෂ අවධානය යොමු කළ යුත්තේ හොරුන්ගෙන් මේ ජ්‍යෙdතිෂය බේරාගැනීමටය. ඒ සඳහා ජ්‍යෙdතිෂ දැනුම සහතික කෙරෙන ක්‍රමයක් ඇතිකිරීමය. ඒ සඳහා පුරෝගාමී විය යුත්තේ සංස්කෘතික අමාත්‍යාංශය වුවත් එහි සිටින වත්මන් නිලධාරීන්ට ජ්‍යෙdතිෂය වුවමනා නැති කමයි. ඒ බව නැකැත් කමිටුවෙන්ම ඔප්පු වේ. නැකැත් කමිටුවේ 10 දෙනෙකුට වඩා ජ්‍යෙdතිෂය දැනුම ඇති අය නැත. නිලධාරීන්ගේ සිත සතුටු කළ පමණින් නැකැත් කමිටුවේ අසුන්ගත හැකිය.
මෙයට පෙර සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්ව සිටි විමල් රූබසිංහ මහතා ජ්‍යෙdතිෂයට ලැදිව සිටි කෙනකු නිසා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙdතිෂවේදීන් කවුරුන්දැයි හඳුනාගෙන සිsටියේය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks